Thursday, April 2, 2015

මල්සර උක්දඬු දුන්නෙන් පැණි බී

මල්සර උක්දඬු දුන්නෙන් පැණි බී
දේදුන්නක් උඩු අතට නවා බිඳ
මල් උයනක මල් අවුල්කර දමා
ඔබේ පැල්පතට ඔබ දැක ගන්නට
ආවෙමි වියරු වැටී ...//

ඔබ හඬනා හඬ මට ඇසුණේ නැත
ඔබ හිනැහෙන හඬ මට ඇසුණේ නැත
ඔබ නිහඬ ව සිටිනා හඬ පමණක්
සවන් යොමා සිටි මට ඇසුණා
ඔබේ නිහඬ බව මා සිත කලඹයි

මල්සර උක්දඬු දුන්නෙන් පැණි බී
දේදුන්නක් උඩු අතට නවා බිඳ
මල් උයනක මල් අවුල්කර දමා
ඔබේ පැල්පතට ඔබ දැක ගන්නට
ආවෙමි වියරු වැටී

හිනැහෙනු මැන හසරැලි අතුරා වත
හඬනු මැනවි නැතිනම් පොඟවා නෙත
ඔබ නිහඬ ව සිටිනා විට මගෙ සිත
මුළු ලොව හැඬුවත් දෙසවන නොමදෙත
ඔබේ නිහඬ බව මා සිත කළඹයි

මල්සර උක්දඬු දුන්නෙන් පැණි බී
දේදුන්නක් උඩු අතට නවා බිඳ
මල් උයනක මල් අවුල්කර දමා
ඔබේ පැල්පතට ඔබ දැක ගන්නට
ආවෙමි වියරු වැටී
ආවෙමි වියරු වැටී
ආවෙමි වියරු වැටී

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක

No comments: