Thursday, April 2, 2015

මංගල මල්දම

මංගල මල්දම පතා හිඳිමි මම පතමී මම
මට නොවෙද ලඳේ වතමන කල් උකුළු මුකුළු පෙම
මුකුළු පෙම....

මංගල මල්දම පතා හිඳිමි මම පතමී මම
මට නොවෙද ලඳේ නෙත නිලුපුල් සලිත ලලිත පෙම
ලලිත පෙම....

කිරි සාගරයෙන් කිඳුරු ලියන් ආවා
මට පෙම් මුතුලැල් පළඳනවැයි කීවා
සුර ළඳුන් වනේ දේව ළඳුන් ආවා
මට මල්සරගේ දුන්න අරන් ආවා

කිඳුරු ලතාවිය
දිව්ය කුමාරිය
මට මොටද ළඳේ ඇත්නම්
ඔබ දේහ සුරූපය

සද්දන්ත කුලේ ඇතා පිටින් එන්නම්
රන් පාවඩ මත කැන්දාගෙන යන්නම්
රන් මිරිවැඩි රන් කසී සලුත් දෙන්නම්
ගාන්ධාරයෙන් විලවුන් ගෙන එන්නම්

පොකුරු සිනාවයි
දෑස ඉනාවයි
වත සුවඳ කොකුම් බිඟු රොන්
හද ගීත ලතාවයි

මංගල මල්දම පතා හිඳිම් මම පතමී මම
මට නොවෙද ලඳේ වතමන කල් උකුළු මුකුළු පෙම
මුකුළු පෙම....

මංගල මල්දම පතා හිඳිම් මම පතමී මම
මට නොවෙද ලඳේ නෙත නිලුපුල් සලිත ලලිත පෙම
ලළිත පෙම....

මුකුළු පෙම....
ලලිත පෙම ....
මුකුළු පෙම....
ලලිත පෙම ....
මුකුළු පෙම....

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක සහ සිසිර සේනාරත්න
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක

No comments: