Sunday, April 5, 2015

හිමිදිරියේ පිණි අහුලන

හිමිදිරියේ පිණි අහුලන
සඳ එළියේ තරු අල්ලන
පුංචි දූට දේදුන්නක් ගෙනල්ලා දෙනවා
පරිස්සමට ඊතලයක් ළඟින් තියනවා

පංචායුධ කුමාරයා
නුඹ කැන්දන් යන දවසේ
ආශාවෙන් බලා ඉන්නවා
මගෙ දූටත් ආයුධයක් දෙන්න හිතෙනවා //

විදුලි අකුණු වැහි කුණාටු
මගේ දූට හිරිහැරනම්
සිත හදාන බලා ඉන්නවා
මගෙ දූටත් මම පත්තිනි සළඹ ගේනවා ///

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - ධමමික බණ්ඩාර
තනුව - දර්ශන රුවන් දිසානායක

No comments: