Sunday, April 5, 2015

හිම දියවී හිමාලයේ

හිම දියවී හිමාලයේ
යමුනා ගඟ නඟයි තරංගා
සුදු පෙණ කැටි බලන්න රාධා
සුළඟ හමයි සීතල සාදා
සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණ
සිනා රැලි නඟා උතුරණ
ඔය හදවත් නීල ජලාසේ
පීණන මේ ස්වර්ණ හංසයෝ
අකීකරුද මෙතරම් රාධා

ඉඩ දී දෙන්නට දඩුවම්
දෑස පියා ගන්නම් ක්‍රිෂ්ණා

හිම දියවී හිමාලයේ
යමුනා ගඟ නඟයි තරංගා
සුදු පෙණ කැටි බලන්න රාධා
සුළඟ හමයි සීතල සාදා
සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණා

මල් පෙති පොඩිවී ඉකිලන
මේ හෝපලු යහන් තලාවේ
සඳ දිය මිණිමෙවුලට වැටිලා
දෑස නිලංකාරයි රාධා

ගිලිහී ගියදෙන් මිණි කැට
දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා

හිම දියවී හිමාලයේ
යමුනා ගඟ නඟයි තරංගා
සුදු පෙණ කැටි බලන්න රාධා
සුළඟ හමයි සීතල සාදා
සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණා

ගායනය - අමරසිරි පීරිස් සහ වසන්තා තිලකාංගනී
පද රචනය - ධමමික බණ්ඩාර
තනුව - ඩෙනිස්ටර් පෙරේරා

No comments: