සුරංගනාවකට නොදෙවෙනි
හැඟුම් බරම රැඟුම් උල්පතී
සිහින වලදී හමුනොවී
මඟ නොහැරෙන තැනකදී
පොරොන්දු වූ පරිදි මා
බලා හිඳිමි මුණ ගැහෙන්න
ආදරෙන්
ප්‍රමාද වී පරාදවී
සොවින්ම පසුතැවෙන්න වෙයි
සිතුම් පැතුම්ද පැවිදි වී හැංගේවි
ඔබෙන්ම අවදි වෙච්ච ජීවිතේම පාළුවෙයි
සිහින වලදී හමුනොවී
මඟ නොහැරෙන තැනකදී
බලා හිඳිමි මුණ ගැහෙන්න
ආදරෙන්
පැතුසේ ඔබව ලැබුණොතින්
රහස් පවා බෙදාගමී
සිනාව වාවගන්න බැරිතරම් පිරේවි
තියේවි අදහගන්න බැරිතරම්ම ආදරේ
සිහින වලදී හමුනොවී
මඟ නොහැරෙන තැනකදී
බලා හිඳිමි මුණ ගැහෙන්න
ආදරෙන්
සුරංගනාවකට නොදෙවෙනි
හැඟුම් බරම රැඟුම් උල්පතී
සිහින වලදී හමුනොවී
මඟ නොහැරෙන තැනකදී
පොරොන්දු වූ පරිදි මා
බලා හිඳිමි මුණ ගැහෙන්න
ආදරෙන්
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - කැළුම් ශ්‍රීමාල්
තනුව - දර්ශන රුවන් දිසානායක
No comments:
Post a Comment