Monday, April 20, 2015

කෙසේ කියන්නද


කෙසේ කියන්නද
ඔබ මා අතහැර
ඉවත ගියා කියලා
මගේ මුවින් මම
ලොවට කියා ඇත
ඔබ ගුණවත් කියලා

කිසිවෙකු කිසිවිට අදහන්නේ නැත
ඔබ වැරදිය කියලා
ලොව මට එරෙහිව දොස් පවරනු ඇත
මා වැරදිය කියලා

කෙසේ කියන්නද
ඔබ මා අතහැර
ඉවත ගියා කියලා
මගේ මුවින් මම
ලොවට කියා ඇත
ඔබ ගුණවත් කියලා

සෙනෙහස බිඳුනද මේ අවමානෙන්
ගැලවිය යුතු හින්දා
ම විසින් ඔබ අත්හළෙමි යි පවසමි
ලොවටම ඇසෙන නියා

කෙසේ කියන්නද
ඔබ මා අතහැර
ඉවත ගියා කියලා
මගේ මුවින් මම
ලොවට කියා ඇත
ඔබ ගුණවත් කියලා

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන

1974 දී "ජෙම්ටෝන්" ලේබලයෙන් නිකුත්වූ "කෙසේ කියන්නද" තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.
(තැටි අංකය Gemtone / OME 62)

No comments: