Monday, April 20, 2015

මා නිසා ඔබ නොපිරූ පෙරුම්

මා නිසා ඔබ නොපිරූ පෙරුම්
මා නිසා ඔබ නොපැතූ පැතුම්
ඒ සිනහා මැද ඉටු වේවි නම්
ආයේ නාවත් කම් නෑ ඉතිං
ආයේ නාවත් කම් නෑ ඉතිං

කෝ එදා ඔබ අත පැළැන්දුව
මුදුව කෝ කොයිදෝ
නෑ මාගේ සිත
අන් කෙනෙක් ගැන
කීවාදෝ නැතිදෝ

මා නිසා ඔබ නොපිරූ පෙරුම්
මා නිසා ඔබ නොපැතූ පැතුම්
ඒ සිනහා මැද ඉටු වේවි නම්
ආයේ නාවත් කම් නෑ ඉතිං
ආයේ නාවත් කම් නෑ ඉතිං

මාළිගාවක රජ කෙනෙක් වත්
යනවදෝ කැඳවා
වාසනාවන් ඒ සැඳෑවට
මා ඇවිත් යනවා

මා නිසා ඔබ නොපිරූ පෙරුම්
මා නිසා ඔබ නොපැතූ පැතුම්
ඒ සිනහා මැද ඉටු වේවි නම්
ආයේ නාවත් කම් නෑ ඉතිං
ආයේ නාවත් කම් නෑ ඉතිං
ආයේ නාවත් කම් නෑ ඉතිං

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - පැට්‍රික් දෙණිපිටිය

19755 දී "ශාන්ස්" ලේබලයෙන් නිකුත්වූ "මා නිසා ඔබ" තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.
(තැටි අංකය Shans - 1007)

No comments: