Monday, April 20, 2015

ලබන්න බැරි සුව සහනය

ලබන්න බැරි සුව සහනය සිතිනි ලබන්නේ
විඳින්න හැකි මිහිරි සුවඳ පමණි විඳින්නේ

හෙට ද දවසකි
හෙට මේ ලෙස ම හිරු නැඟේ
නොයනු මැන ප‍්‍රියේ පොදි බැඳ තිළිණ ඔබ මගේ ...//

ලබන්න බැරි සුව සහනය සිතිනි ලබන්නේ
විඳින්න හැකි මිහිරි සුවඳ පමණි විඳින්නේ

සිසිලෙ උණුසුමේ
මම ඔබ ළඟ සිටින්නෙමී
විසිර ගිය කුසුම් පෙති දෝතට අරන් එමී ...//

ලබන්න බැරි සුව සහනය සිතිනි ලබන්නේ
විඳින්න හැකි මිහිරි සුවඳ පමණි විඳින්නේ

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක

No comments: