Monday, April 20, 2015

උපුල් කොපුල් වෙහෙසී ඇතේ

උපුල් කොපුල් වෙහෙසී ඇතේ
සුරත් නුවන් පියවී යතේ
තොලේ අමා ගෑවේ
එහා ලොවේ පාවේ
හදේ තැවුල් තුනිවී යතේ ...//

හිරුයි සඳූයි තරුයි නැඟී පායා
නොනිවී තියේදෝ දිලී ...//
පිණි වාගේ වැනසේවී //
ඔබගේ ඇයගේ
යොවුන් වසන්තේ

උපුල් කොපුල් වෙහෙසී ඇතේ
සුරත් නුවන් පියවී යතේ
තොලේ අමා ගෑවේ
එහා ලොවේ පාවේ
හදේ තැවුල් තුනිවී යතේ

පමා වෙලා නෙතින් සලා සෝකේ
ලොවේ දිනූ කිසිවෙක් නැතේ ...//
පිණි වාගේ වැනසේවී //
ඔබගේ ඇයගේ
යොවුන් වසන්තේ

උපුල් කොපුල් වෙහෙසී ඇතේ
සුරත් නුවන් පියවී යතේ
තොලේ අමා ගෑවේ
එහා ලොවේ පාවේ
හදේ තැවුල් තුනිවී යතේ

තොලේ අමා ගෑවේ
එහා ලොවේ පාවේ
හදේ තැවුල් තුනිවී යතේ ..///.

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - පැට්‍රික් දෙනිපිටිය
1974 දී නිකුත් කළ "ඔබේ උපන් දිනේ" EP තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.
(තැටි අංක Gemtone / OME 12)

3 comments:

Dilantha said...

I have the Record Disc :)

ruka said...
This comment has been removed by a blog administrator.
Gee Arana ගී අරණ said...

👍