Monday, April 20, 2015

ඉන්දුමතී හා බින්දුමතී

ඉන්දුමතී හා බින්දුමතී
දෙදෙනා මා පතයි
මේ දෙදෙනාමත්
මට හැමදාමත්
එක වගෙ තාමත්
ආදරේ

නොසිතු සේ දෙදෙනෙක් එදා
හමුවීලා වෙන්වී ගියා
ළතවීලා දෙහිතක් නිසා
තනිවූවා මතකයි සදා
පෙරදා කඳුළේ ගිලී

තනිවීලා සිටි කාලෙදී
අත පෑ ඒ මා හා බැඳී
ඇගෙ දෑතේ සිහිලෙන් මිදී
මා එයිදෝ ඔබ හා ඇදී
කිසිදා ඉන්දුමතී

ඉන්දුමතී හා බින්දුමතී
දෙදෙනා මා පතයි
මේ දෙදෙනාමත්
මට හැමදාමත්
එක වගෙ තාමත්
ආදරේ

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක

No comments: