Monday, April 20, 2015

සිහිනෙන් ඔබ මට පෙනෙනවනම්

සිහිනෙන් ඔබ මට පෙනෙනවනම්
අවදි නොවී ඉන්නම්
කිසිදා ඔබෙ අත නොලැබේ නම්
හැමදා තනි වෙන්නම්

ආසිරි ගී මැද
පෝරුව මත හිඳ
මහපටැඟිලි බැඳ
අතපැන් වත් කර
ඔබ කැඳවා යන්නම්
නැතිනම් තනිවෙන්නම්

ඔබ කැඳවා යන්නම්
නැතිනම් තනිවෙන්නම්

ජීවන ගමනේ
බාධක දුක සැප
එකසේ පිළිගෙන
හිනැහෙනු මැන ඔබ
තනියට ළඟ ඉන්නම්
නැතිනම් තනිවෙන්නම්

තනියට ළඟ ඉන්නම්
නැතිනම් තනිවෙන්නම්

සිහිනෙන් ඔබ මට පෙනෙනවනම්
අවදි නොවී ඉන්නම්
කිසිදා ඔබෙ අත නොලැබේ නම්
හැමදා තනි වෙන්නම්

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - සෝමපාල රත්නායක
1974 දී නිකුත් කළ "ඔබේ උපන් දිනේ" EP තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.
(තැටි අංක Gemtone / OME 12)

No comments: