මඟ තොටදී හමුවෙද්දී
අපට කතා හැදුනා
ලොව කැළඹී ගිනි ගද්දී
දෙදෙනා කතා කෙරුවා
අවදි වෙලා සිත අමුතු හැඟුම්
රහසේ දිනූ පෙම එළිවූ බැවින්
මුහුණු වසාගෙන
කඳුළු පුරෝගෙන
මුහුණු වසාගෙන
කඳුළු පුරෝගෙන
දෙදෙනා බලා සිටියා
මඟ තොටදී හමුවෙද්දී
අපට කතා හැදුනා
විසඳීල තීරණ නොසිතූ ලෙසින්
දෙඅතේ විසූ අප එක්වූ බැවින්
නැකත උදාවිය
සතුට දරාගෙන
නැකත උදාවිය
සතුට දරාගෙන
කඳුළු කඩා වැටුණා
මඟ තොටදී හමුවෙද්දී
මඟ තොටදී හමුවෙද්දී
අපට කතා හැදුනා
ලොව කැළඹී ගිනි ගද්දී
දෙදෙනා කතා කෙරුවා ////.
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
No comments:
Post a Comment