Monday, April 20, 2015

දෑසේ කැළුම්

දෑසේ කැළුම් කැන් මවා දී
ඔබ මා නිවාලන්නේ
ඒ නෙත් කැළුම් කැන් නිවා දී
කිමදෝ දවාලන්නේ

ගලා යන්නෙ ගඟුලක් වගේ නම්
ළතැවෙන්න ඉවුරේ ඉමි ...//
තරු මල් ඔබේ නම් රාත්‍රියේ
මම අන්ධකාරේ ඉමි

දෑසේ කැළුම් කැන් මවා දී
ඔබ මා නිවාලන්නේ
ඒ නෙත් කැළුම් කැන් නිවා දී
කිමදෝ දවාලන්නේ

නෙළා ගන්න ඔබ සිත් බඳී නම්
පරවෙන්න සුපිපී ඉමි ...//
භවයෙන් භවේ මතු ආත්මයේ
ඉම තෙක්ම පෑහී ඉමි

දෑසේ කැළුම් කැන් මවා දී
ඔබ මා නිවාලන්නේ
ඒ නෙත් කැළුම් කැන් නිවා දී
කිමදෝ දවාලන්නේ

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක
ඉරෝමි විජේවර්ධන ශිල්පිනියගේ චිත්‍රයකි.

No comments: