මේ දීර්ඝ චාරිකාවේ
ඔබ හමු නොවුණා නම්
ඔබ අත්වැල නොවුණා
නම්
සංසාර දුර්ග මාවතේ
මේ දිගු මාවත තරණය
කරමි කෙසේ
ගිරි දුගුලෙහි
ගැටෙනා
පියවර රැක දෙවනා
ඔබ පිළිසරණ නොවේ නම්
මගෙ සකිසඳාණනී
සංසාර දුර්ග මාවතේ
මේ රුදු තාපය උහුලා
ගම් ද කෙසේ
ලෝ දහමින් පෙළෙනා
සිත සුවපත් කරණා
ඔබ ගුණ සිසිල නොවේ
නම්
හද වෙදැදුරාණනී
සංසාර දුර්ග මාවතේ
මේ දීර්ඝ චාරිකාවේ
ඔබ හමු නොවුණා නම්
ඔබ අත්වැල නොවුණා
නම්
සංසාර දුර්ග මාවතේ
ගායනය – ප්රදීපා ධර්මදාස
පද රචනය - කුලරත්න
ආරියවංශ
තනුව හා සංගීතය -
ආචාර්ය රෝහණ වීරසිංහ
චිත්රය රාජා සේගර් ශිල්පියාගේ නිර්මාණයකි.
No comments:
Post a Comment