Wednesday, April 22, 2015

මහා චණ්‌ඩ සුළඟට මැදිවී


මහා චණ්‌ඩ සුළඟට මැදිවී
ඉන්නෙ තනිවෙලා
ලොවේ සියලු දෙන මට හිනැහේ
දිළිදු හිත පෙළා
ඔබේ නමට ඇපවී කැපවී
සිටිමි ඉවසලා
කොහේ කොහොම හිටියත් සුහදේ
එන්න මා කරා
මහා චණ්‌ඩ සුළඟට මැදිවී


සිනාසී රාත්‍රියේ 
සඳ පායන තුරු තරු නැග අඹරේ 
ඔබේ හද මන්දිරේ
ආලෝකය දෙමි සඳ වට සොදුරේ

පිපාසිත ලෝ තලේ
අමපානි ආදරේ

මහා චණ්‌ඩ සුළඟට මැදිවී
ඉන්නෙ තනිවෙලා
ලොවේ සියලු දෙන මට හිනැහේ
දිළිදු හිත පෙළා
මහා චණ්‌ඩ සුළඟට මැදිවී

ඔබෙ දෑසෙ හැංගෙමි
සැතපී සුවෙන් ඉමී
සසරේ සොයාලා
ආ සේ පතා

අද වාගෙ වෙන්වුනත්
පෙරදා සුපෙම් සිනා
මතකයි එවේලේ
ඔබ කී කතා

පහනත් නිවී යයි
හදවත බිඳී යයි
ඔබ නාවෙ ඇයි

මහා චණ්‌ඩ සුළඟට මැදිවී
ඉන්නෙ තනිවෙලා
ලොවේ සියලු දෙන මට හිනැහේ
දිළිදු හිත පෙළා
ඔබේ නමට ඇපවී කැපවී
සිටිමි ඉවසලා
කොහේ කොහොම හිටියත් සුහදේ
එන්න මා බලා
මහා චණ්‌ඩ සුළඟට මැදිවී

ගායනය - හරුන් ලන්ත්‍රා සහ සුජාතා අත්තනායක
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - ෂෙල්ටන් පෙරේරා

1967 දී තිරගත වූ "දරු දුක" සිනමා කෘතියට නිර්මානය වූ ගීයකි.

No comments: