Wednesday, April 22, 2015

ගංගාවේ නීල ජලේ


ගංගාවේ නීල ජලේ
රැල්ල බිදී වැල්ලෙ කිදී
මෙල්ල වෙවී ආපසු ඒදෝ
මෙල්ල වෙවී ආපසු ඒදෝ ..//

මුතු බෙල්ලගේ මුතු
කිමිදී ගොඩ ගෙනා යුතු
මල් වාගේ වැලේ පිපේදෝ

ගංගාවේ නීල ජලේ
රැල්ල බිදී වැල්ලෙ කිදී
මෙල්ල වෙවී ආපසු ඒදෝ
මෙල්ල වෙවී ආපසු ඒදෝ

හමනා සුළං පොදේ
කන්දේ තුරු හිසේ වැදී
බාධ වෙලා හමා නොයාදෝ

ලන්ද උඩින් එබෙන සඳේ
රැස් නොගලාදෝ ..//
කුමුදාකරේ සිනා
උදා නොවේදෝ
උදා නොවේදෝ

ගංගාවේ නීල ජලේ
රැල්ල බිදී වැල්ලෙ කිදී
මෙල්ල වෙවී ආපසු ඒදෝ
මෙල්ල වෙවී ආපසු ඒදෝ


දහසක් පෙරුම් පුරා
පැතුම් කිරුළ හිසේ දරා
වෙහෙසෙන්නා පරාදවේදෝ ...//

නෙත් පෙනෙතොත් බාධා රැසක්
පාර වැසේදෝ ..//

පවනෙන් කුසුම් ලතා නැමී නොයාදෝ
නැමී නොයාදෝ
නැමී නොයාදෝ

ගංගාවේ නීල ජලේ
රැල්ල බිදී වැල්ලෙ කිදී
මෙල්ල වෙවී ආපසු ඒදෝ
මෙල්ල වෙවී ආපසු ඒදෝ
 ..//

මුතු බෙල්ලගේ මුතු
කිමිදී ගොඩ ගෙනා යුතු
මල් වාගේ වැලේ පිපේදෝ ..//

ගංගාවේ නීල ජලේ
රැල්ල බිදී වැල්ලෙ කිදී
මෙල්ල වෙවී ආපසු ඒදෝ
මෙල්ල වෙවී ආපසු ඒදෝ

ගායනය - හරුන් ලන්ත්‍රා සහ සුජාතා අත්තනායක
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - සිසිර සේනාරත්න

1968 දී තිරගතවූ "පුංචි බබා" සිනමා කෘතියට නිර්මානය වූ ගීයකි.

මෙහි ඇතුළත් ගීය පසු කලෙක කල පටිගත කිරීමකි.
ගැයුමේ සදොස් උච්චාරනයන් රැසකි. එහෙත් හොඳ තත්වයේ ගීයක් සොයා ගැනීමට නැති හෙයින් මෙය මේ තරමින් රස විඳින ලෙස ඉල්ලමි.

No comments: