මේ කන්‍යාරාමේ රන් කිරිල්ලී
නෑසේදෝ ඈ ගයන ගී
සිහින අහසට රෑ දාවල්
කන්‍යාවී නිදි නැති
සමනල සේනා පාවී පාවී ආ
විසිතුරු මල් ලෝකේ මා දෑසින් ඈතින් ඈතයි දෝ
ඵල වැල පැණි පෙරෙණා
නදී රේඛා බලන්න
නිම්නෙක වනන්තරේ
පාවේවා මේ ගී
මේ කන්‍යාරාමේ රන් කිරිල්ලී
නෑසේදෝ ඈ ගයන ගී
සිහින අහසට රෑ දාවල්
කන්‍යාවී නිදි නැති
කැඩපත කීවා බෝමැයි රූ සෝභා
හදවත සෝකාලාපේ හංගා ඉන්නේ නාඬා මා
ආදර කවි හිතලා
සිහින ලෝකේ පිරීලා
කොටු බැමි වැට පැනලා
පාවේවා මේ ගී
ගායනය - නිරෝෂා විරාජිනී
පද රචනය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ
තනුව හා සංගීතය - හර්ෂ මාකලන්ද
No comments:
Post a Comment