Monday, May 11, 2015

මාරුතේ ආවා

මාරුතේ ආවා
සුවඳක් සේ ආශා
ආ මුවේ ගාවා
සිනහා සේ ආශා

ළංව තුරුලේ
උන්නු කාලේ
දුන්නු හාදු සිහිවේ
දෙන්න ආයේ ඉන්න ළංවී
මා සොයා ඒනම්
සිත මගේ හැරදමා
ඇයි ගියේ මා දමා
සිහිනයන් රෑ ඇවිත්
ඔබ එතැයි කියනවා

මාරුතේ ආවා
සුවඳක් සේ ආශා
මා මුවේ ගාවා
සිනහා සේ ආශා

මා දෙනෙත් පෑරේ බොඳ වීලා
හද රිදෙන්නේ සිරවීලා
රෑට වුන් සීතලේ
තනිවෙලා ඒ
ගුලිවෙලා උණුසුමින්
සැනසුවත් ආයේ

සිත මගේ හැරදමා
ඇයි ගියේ මා දමා
සිහිනයන් රෑ ඇවිත්
ඔබ එතැයි කියනවා

මාරුතේ ආවා
සුවඳක් සේ ආශා
මා මුවේ ගාවා
සිනහා සේ ආශා

ළංව තුරුලේ
උන්නු කාලේ
දුන්නු හාදු සිහිවේ
දෙන්න ආයේ ඉන්න ළංවී
මා සොයා ඒනම්
සිත මගේ හැරදමා
ඇයි ගියේ මා දමා
සිහිනයන් රෑ ඇවිත්
ඔබ එතැයි කියනවා

ගායනය - නි‍රෝෂා විරාජිනී
පද රචනය - අචල සොලමන්ස්
තනුව හා සංගීතය - රාජ්

No comments: