Monday, May 4, 2015

එදා මෙදාතුර

එදා මෙදාතුර කඳු විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරුණු රත් දෙතොල පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ළයේ බැඳි අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා

දැස් කවුළු පත් පලා කඳුළු කැට
වෑහෙද්දී මගේ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගෙ හිතටත් ඔබ සුවඳයි
ඈත් නොවේමැයි  සුවඳින්

එදා මෙදාතුර කඳු විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
දෑත ළයේ බැඳි අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා

ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ළයේ
හීයේ වේගෙන් අහස උසට බැදි
ආදර ලොකය හෙටත් තියේ
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත
ඇයි මේ ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත් ඇත්තන්
වී අපි ඉපදෙමු එකට ප්‍රියේ

එදා මෙදාතුර කඳු විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරුණු රත් දෙතොල පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ළයේ බැඳි අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
රචනය - විමල් ජයශාන්ත
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි

මේ ගීයේ පද රචනය විමල් ජයශාන්ත ‍ගේ යැයි ගීය ඇතුළත් “ඇවිළුණු ගිනි දැල්කැසට් පටයේ සඳහන් ‍වේ. සැබැවින්ම ‍මෙය විමල් ජයශාන්ත මහතා ජීවිතයේ අත්විඳි සැබෑ ‍ශෝකී ‍වේදනාබර අවස්ථාවකි. ඔහුගේ ‍පෙම්වතිය මිය ගියාය. ඔහු තම ‍වේදනාව පද වැලකට ගෙතු‍‍වේය.  ‍ගේය පද රචනාවක් ‍ලෙස ‍සිතිවිල්ලක් ‍හෝ ඇතිව නොවේ.
සනත් නන්දසිරි මහතා ‍මෙය ගුවන් විදුලියේ තම සරල ගී වැඩසටහනකට ගයන්නට තීරණය ළේය. ‍මෙය ‍ගේය පද රචනයක් ‍ලෙස සැකසුණේ එතනැදීය.
මා දන්නා පරිදි ‍කොළ එකහමාරක පමණ ලියැවුණු ශෝකාවලිය ගීයක් වූ‍‍යේ ‍‍ලෙසිණි.

පසු කළෙක මේ ගීය සිංග් ලංකා සමාගම නිෂ්පාදනය කළ "ඇවිළුණු ගිණිදැල්" කැසට් පටයට  එක් කරණ ලදී. (1975 සැප් 19)

No comments: