පාර දිගේ කණින් කණට
කොඳුර කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ
රාස්සිගේ අව්ව වැටී දඹරන් වූ ඔබේ කෙහෙරැලි //
සුළං සමග පොරබැදුවා
ඔබට මතක නැති උනාට අදවගේ මතකයි මට
එක යායට මල් පීදුන බිම් තීරේ
පාර දිගේ කණින් කණට
කොඳුර කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ
ගොපලු කොලුගෙ බටනලාව සංගීතය මවන අතර //
දොලේ දියෙන් පාදෙව්වා
ඔබට මතක නැති උනාට අදවගේ මතකයි මට
එක යායට මල් පීදුන බිම් තීරේ
පාර දිගේ කණින් කණට
කොඳුර කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ ...//
කොඳුර කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ////
ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - එච්.එම්. ජයවර්ධන
No comments:
Post a Comment