මේ සුන්දර රාත්‍රියට
තරු එළියට සඳ පානට
මේ තරමට පෙම් කරන්න කියා දුන්නෙ ඔබමයි
මට කියා දුන්නෙ ඔබමයි
වනන්තරේ මල් පිපුනා එක එක පාටට
ඇළේ දොළේ දිය ගැලුවා ගීයක තාලෙට
නුඹ ලැබෙන තුරා ඒ කිසිවක් නොපෙණුන දෑසට
මේ පෙනෙන සොඳුරු ලොව අඳුරට එපා හෙළන්නට
මේ සුන්දර රාත්‍රියට
තරු එළියට සඳ පානට
මේ තරමට පෙම් කරන්න කියා දුන්නෙ ඔබමයි
මට කියා දුන්නෙ ඔබමයි
රෑට රෑට තරු පිපුණා අහසේ යායට
සඳ ඇවිදින් තිලක තියා රැඳුණා නළලත
නුඹ ලැබෙන තුරා ඒ කිසිවක් නොහැඟුණ හදකට
දුක දරන්න බෑ සත්තයි හිත එපා තලන්නට
මේ සුන්දර රාත්‍රියට
තරු එළියට සඳ පානට
මේ තරමට පෙම් කරන්න කියා දුන්නෙ ඔබමයි
මට කියා දුන්නෙ ඔබමයි
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - රවි සිරිවර්ධන
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
Anyone who has the link can play this song in your "Smart Phone"
No comments:
Post a Comment