සිත පෙළා දී දඬුවම්
කඩා ගෙලැ ලූ මල්දම්
ආලයට කර සරදම්
අගෙයි ඔබ දුන් කවිකම්
අගෙයි ඔබ දුන් කවිකම්
නොසිතූ මොහොතක මල් හී සර විද
කළඹා සන්සුන් හදවත
මට නම් පුදුමයි අකුරක් බැරි මට
ඔබ පිළිගැන්වූ කවිකම
සිත පෙළා දී දඬුවම්
කඩා ගෙලැ ලූ මල්දම්
ආලයට කර සරදම්
අගෙයි ඔබ දුන් කවිකම්
අගෙයි ඔබ දුන් කවිකම්
ලොවට පෙනෙන්නට සිනාසුණත් අද
වැලපෙයි හදවත තනිවම
අප ගැන දුක් ගී පබඳින්නට නම්
කුමටද ඔබ දුන් කවිකම
සිත පෙළා දී දඬුවම්
කඩා ගෙලැ ලූ මල්දම්
ආලයට කර සරදම්
අගෙයි ඔබ දුන් කවිකම්
අගෙයි ඔබ දුන් කවිකම්
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය - ස්ටැන්ලි පීරිස්
Anyone who has the link can play this song in your "Smart Phone"
No comments:
Post a Comment