Wednesday, May 27, 2015

වැහි ඇල්ලේ සිහිලැල්ලේ

වැහි ඇල්ලේ සිහිලැල්ලේ
වැහි ඇල්ලේ සිහිලැල්ලේ
සුවය නොවේ මට දැනෙන්නෙ
මගෙ ගත සෝදා දිවයන
සැඩ පහරකි තුරුළු වෙන්නෙ

සිලි මල්ලේ ඉටි මල්ලේ
සිලි මල්ලේ ඉටි මල්ලේ
නුඹටයි මම මේ කියන්නෙ
නුඹලා ආ දා ඉඳලයි මගෙ සිසිලස මට නොදෙන්නෙ

මගෙ දරුවොම එකතුවෙලා
නුඹෙ හැඩ වැඩ ලොකු කරලා
කරට උඩින් අත දමලයි නුඹ කැන්දාගෙන ආවේ

නුඹ මගෙ දරුවන් රවටා
උන්ගෙ හිතට තුරුළු වෙලා
මගෙ සිසිලස හොරෙන් අරන් ඈතට පා කර යැව්වේ

වැහි ඇල්ලේ සිහිලැල්ලේ
වැහි ඇල්ලේ සිහිලැල්ලේ
සුවය නොවේ මට දැනෙන්නෙ
මගෙ ගත සෝදා දිවයන
සැඩ පහරකි තුරුළු වෙන්නෙ

සිලි මල්ලේ ඉටි මල්ලේ
සිලි මල්ලේ ඉටි මල්ලේ
නුඹටයි මම මේ කියන්නෙ
නුඹලා ආ දා ඉඳලයි මගෙ සිසිලස මට නොදෙන්නෙ

වහින වැස්ස ගත නොරඳා
මුහුදු ගියා මටත් හොරා
ගලන වතුර මඟ අහුරා නුඹ ලොකු චණ්ඩියෙක් වෙලා

පුතේ දුවේ මේ අහලා
මේ විපතින් අප ගලවා
මගේ සතුට අරන් එන්න කරදහි ඔරුවක නැඟලා

වැහි ඇල්ලේ සිහිලැල්ලේ
වැහි ඇල්ලේ සිහිලැල්ලේ
සුවය නොවේ මට දැනෙන්නෙ
මගෙ ගත සෝදා දිවයන
සැඩ පහරකි තුරුළු වෙන්නෙ

සිලි මල්ලේ ඉටි මල්ලේ
සිලි මල්ලේ ඉටි මල්ලේ
නුඹටයි මම මේ කියන්නෙ
නුඹලා ආ දා ඉඳලයි මගෙ සිසිලස මට නොදෙන්නෙ

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - චතුර මල්වාන
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

No comments: