ලස්සණ නම් නෑ පෙනෙන්නේ
ඉස්සර සුවඳයි දැනෙන්නේ...//
එදා සොඳුරු පිය දසුන්
මෙදා සිහිනයකි කසුන්
මතක් වුනත් අමිල සැපතකී
ලස්සන නම් නෑ පෙනෙන්නේ
උකුල් තලා සළා ආ නාරිලතාවෝ
අමල් සිනා නැගූ රන් චාරුලතාවෝ...//
වැයූ වගේ හවුල් වී
ගැයූ රඟේ කොවුල් ගී
ගියේ ඔවුන් ළඳුන් කොහේදෝ
සවන් පුරා පිරීලා වස්දඬු රාවේ
සුසුම් හෙලයි සිතාරේ නෙත් යුග නෑවේ...//
සිතූ සිතුම් බිඳීලා
පැතූ පැතුම් සිඳීලා
ජීවිතේ ගමන් විලාසේ
ලස්සණ නම් නෑ පෙනෙන්නේ
ඉස්සර සුවඳයි දැනෙන්නේ...//
එදා සොඳුරු පිය දසුන්
මෙදා සිහිනයකි කසුන්
මතක් වුනත් අමිල සැපතකී
ලස්සන නම් නෑ පෙනෙන්නේ
ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව - සරත් දසනායක
1978 දී තිරගතවූ “විස්මය“ චිත්රපටියෙනි.
1 comment:
meke teruma dannwada?
Post a Comment