නීල බිඟු කැල
තාමරස පෙළ
ආදරෙන් සනසාලා
තිසර තුඩු මුදු
තඹර පහසින්
මෝහනය වීලා...//
මාරුතේ මතුරා යතේ සුරඹුන් නැඟූ මුකුළු
මාවතේ අතුරා ඇතේ සුරඹුන් නෙලූ කැකුළු...//
සුරඹුන් නෙලූ කැකුළු
නීල බිඟු කැල
සාම රස පෙළ
ආදරෙන් සනසාලා
තිසර තුඩු මුදු
තඹර පහසින්
මෝහනය වීලා
ජීවිතේ කිරි සාගරේ කළඹා දිනූ කිඳුරී
මීවිතේ මදිරා සොයා සඟවා නොයන් සොඳුරී...//
සඟවා නොයන් සොඳුරී
නීල බිඟු කැල
සාම රස පෙළ
ආදරෙන් සනසාලා
තිසර තුඩු මුදු
තඹර පහසින්
මෝහනය වීලා
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව හා සංගීතය - ආචාර්ය වික්ටර් රත්නායක
1975 දී තිරගතවූ "රජගෙදර පරෙවියෝ" චිත්රපටියෙන්
No comments:
Post a Comment