Thursday, May 21, 2015

ඔබ මා හමුවුණ දා

ඔබ මා හමුවුණ දා දෑත් දරා
පෙර භවයක බැඳුණා මෙන් දැනුනා
සවනත රහසින් කීවා
මට ආදරෙයි කියා
මට ආදරෙයි කියා

ඔබ ඇස් පිය නොහෙළා බැලුවා
ඔබ ඇස් පිය නොහෙළා බැලුවා
ඔබ ඇස් පිය නොහෙළා බැලුවා මගෙ දෑස් දිහා
මා ඇස් පිය නොහෙළා බැලුවා
මා ඇස් පිය නොහෙළා බැලුවා
මා ඇස් පිය නොහෙළා බැලුවා ඔබෙ දෑස් දිහා

සන්සුන් සිතින් සිතමී මුළු රෑ පුරා
දැනෙනා හැඟුමන් විඳිමී සිහිනේ සදා
දිගු රැය දිගේ
ඔබෙ රුව මැවේ
පවසන්න ළංවෙලා
මේ තරම් ආදරේ කොහෙන්දෝ කියා

ඔබ ඇස් පිය නොහෙළා බැලුවා
ඔබ ඇස් පිය නොහෙළා බැලුවා
ඔබ ඇස් පිය නොහෙළා බැලුවා මගෙ දෑස් දිහා
මා ඇස් පිය නොහෙළා බැලුවා
මා ඇස් පිය නොහෙළා බැලුවා
මා ඇස් පිය නොහෙළා බැලුවා ඔබෙ දෑස් දිහා

සිත් මල් දෙකක් ළංවී සිතැඟි පුරා
කොඳුරා වදන් රැඳෙමි සඟවා නුරා
සඳ දියැති රෑ
ඇසිපිය ඇරේ
පවසන්න ළංවෙලා
මේ තරම් ආදරේ කොහෙන්දෝ කියා

ඔබ ඇස් පිය නොහෙළා බැලුවා
ඔබ ඇස් පිය නොහෙළා බැලුවා
ඔබ ඇස් පිය නොහෙළා බැලුවා මගෙ දෑස් දිහා
මා ඇස් පිය නොහෙළා බැලුවා
මා ඇස් පිය නොහෙළා බැලුවා
මා ඇස් පිය නොහෙළා බැලුවා ඔබෙ දෑස් දිහා

ගායනය - ශෂිකා නිසංසලා
පද රචනය - ෂෙහාන් ගලහිටියාව
සංගීතය -ප්‍රියන්ත නාවලගේ

No comments: