Saturday, June 6, 2015

සත් රුවන් ආර

සත් රුවන් ආර
මුතු බැඳි මූදු පවුරකින් සුලකළ
පුන්‍ය භූමි වූ මනරම් තම්බපණ්ණියේ
තම්බපණ්ණියේ

පලාපෙති බැඳන් ගෙල වට
රණ හංස පියාපත් සලමින
පායාලා පහන සඳකඩ
රන්වනින් දිලේ

නීල හරිත වන සම්පත්
නදී ගිරි මුදුන් පෑපත්
දියඇලි වල්විදුනා ගත් රම්‍ය භූමියේ
රම්‍ය භූමියේ

යෝධ වැව් අමුණු දාගැබ්
වෙහෙර පෙති පිළිම සුවහස්
මැවූ ඉසිවරුන්ගේ අත් පූජනීය වේ

නිධන්ගත ශ්‍රමය තැන්පත්
උතුම්වූ එවන් සම්පත්
නොදී නොරටුන්ට පණ සේ රකිව් දරුවනේ
රකිව් දරුවනේ

එවන් අසිරි සිරි දුටු නෙත්
පෙමින් රටට බැඳලනු වස්
අලංකාර වාහල්කඩ දොරටු විවරවේ

සත් රුවන් ආර

සත් රුවන් ආර
මුතු බැඳි මූදු පවුරකින් සුලකළ
පුන්‍ය භූමි වූ මනරම් තම්බපණ්ණියේ
තම්බපණ්ණියේ

පලාපෙති බැඳන් ගෙලවට
රණ හංස පියාපත් සලමින
පායාලා පහන සඳකඩ
රන්වනින් දිලේ
රන්වනින් දිලේ

ගායනය - ජානක වික්‍රමසිංහ
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
තනුව හා සංගීතය - නවරත්න ගමගේ

No comments: