Monday, June 8, 2015

පිණි මුතු සිහිලැල් යාමේ

පිණි මුතු සිහිලැල් යාමේ
හසරැලි මල් පීදේ
ඇගේ නෙත මා නෙතට යාවී
අපේ හිත් බැඳුණේ
ජීවිතේ සෙනේහයේ මල් මාවතේ

සයුරු මායිමේ වැටකේ හෙවනේ දොඩමලු වී
තුරුලිය හෙවනේ මල් ගොමු අතරේ නෑ හමුවී
ආදරෙයි මා
ආදරෙයි ඈ
මේ අපේ පෙම් විජිතයයි

පිණි මුතු සිහිලැල් යාමේ
හසරැලි මල් පීදේ
ඇගේ නෙත මා නෙතට යාවී
අපේ හිත් බැඳුණේ
ජීවිතේ සෙනේහයේ මල් මාවතේ

අතැඟිලි බැඳලා සිත් සිර කරලා නෑ ඵල නෑ
දවසක හිනැහී දවසක අඬලා නෑ පල නෑ
ආදරෙයි මා
ආදරෙයි ඈ
මේ අපේ පෙම් විජිතයයි

පිණි මුතු සිහිලැල් යාමේ
හසරැලි මල් පීදේ
ඇගේ නෙත මා නෙතට යාවී
අපේ හිත් බැඳුණේ
ජීවිතේ සෙනේහයේ මල් මාවතේ

ගායනය - ජානක වික්‍රමසිංහ
පද රචනය - සුනිල් චන්ද්‍ර වික්‍රමසිංහ
තනුව හා සංගීතය - නිමල් ගුණසේකර

No comments: