Monday, July 4, 2016

නිල්මිණි සැංගී පාවේ

නිල්මිණි සැංගී පාවේ
චංචල ගංගාවේ ...//
ඉවුරේ රැව්දේ මධුර මනෝහර
විවිධ විහඟ වීණා

නිල්මිණි සැංගී පාවේ
චංචල ගංගාවේ ...//

කන්දෙන් බිහි වී නිල්වන් රළ පෙළ නංවාලා
ඉන්නා ඩිංගේ සතුටින් ඉන්නට පෙන්නාලා ...//
ඉනු සැනසිල්ලේ ලා තණ කෙල්ලේ
වනන්තරේ රං ඔංචිල්ලේ

නිල්මිණි සැංගී පාවේ
චංචල ගංගාවේ ...//
ඉවුරේ රැව්දේ මධුර මනෝහර
විවිධ විහඟ වීණා

නිල්මිණි සැංගී පාවේ
චංචල ගංගාවේ ...//

පෙම්බර සුහදා හා එක්වීලා ගුම් දීලා
සැනසී පෑහී සිතු සේ රඟනා රොන් බීලා ...//

සතුට තුරුල්ලේ ඉන්න නිදැල්ලේ
මටත් කියාපන් සියුමැල්ලේ

නිල්මිණි සැංගී පාවේ
චංචල ගංගාවේ ...//
ඉවුරේ රැව්දේ මධුර මනෝහර
විවිධ විහඟ වීණා

නිල්මිණි සැංගී පාවේ
චංචල ගංගාවේ ...//

ගායනය - ලතා වල්පොල
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීතය - සරත් දසනායක
උන්නත් දාහයි මළත් දාහයි චිත්‍රපටියෙන්

No comments: