දොඹ මලින් මලෙක රේණු තලන
තුරුණු බමර රැහේ
මද මතින් ඉපිල රඟනු බලා
මල් මුවරද සැලේ ...//
හද සුවය මවෙත රඳන විහඟ ගීතයයි
සුව සිහින වැලෙක මල් පීදෙන කාලයයි
නව යෞවනේ
පිපි මල් වනේ
රන තිසර ළමැද සෙවණේ මධු සාදයයි
දොඹ මලින් මලෙක රේණු තලන
තුරුණු බමර රැහේ
මද මතින් ඉපිල රඟනු බලා
මල් මුවරද සැලේ
වන වදුලු පුරා නිල්ල නිලන කාලයයි
රන මොණර කිකිණි හඬින් නැඟෙන තාලයයි
හසරැල් සලා
කඳුළැල් නිවා
සිත නිබඳ සොයන නිමල සොඳුරු ගීතයයි
දොඹ මලින් මලෙක රේණු තලන
තුරුණු බමර රැහේ
මද මතින් ඉපිල රඟනු බලා
මල් මුවරද සැලේ ...//
ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - කුමාරදාස සපුතන්ත්රී
තනුව - රෝහණ වීරසිංහ
No comments:
Post a Comment