Wednesday, September 14, 2016

දෑසේ එදා මැවූ

දෑසේ එදා මැවූ ඒ සිනා නෑ ඔබේ මුවේ
හද ආදරේ සිඳුණා ලෙසේ
දෑසේ එදා මැවූ ඒ සිනා නෑ ඔබේ මුවේ

දෑතේ වෙලී එදා කියූ කතා
මතකින් ඔබේ කෙසේ ගිලිහී ගියේ
රහසේ
හමුවී
ගැයු ගීත මා සිතින් මැකී නොයේ

දෑසේ එදා මැවූ ඒ සිනා නෑ ඔබේ මුවේ

ඔබ හා දෙපා නැඟූ මාවතේ
පිපි මල් මිලාන වී සැළී ගියේ
අඳුරේ
තනිවී
සිත ඒ දුකින් සදා හඬා වැටේ

දෑසේ එදා මැවූ ඒ සිනා නෑ ඔබේ මුවේ
හද ආදරේ සිඳුණා ලෙසේ
දෑසේ එදා මැවූ ඒ සිනා නෑ ඔබේ මුවේ

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව - රෝහණ වීරසිංහ

No comments: