Wednesday, September 14, 2016

බරින් දහසක්

බරින් දහසක් කසී පට පිළි
ගෙනැත් ආයේ නැත කියා
පැලේ දොරකනඩ මලක් වාගේ
හඬා වැටුණා පොඩි නඟා
දරන්නට බැරි මගෙත් බර මත
නුඹෙත් පවුලෙත් බර තියා
නඟේ නාඬන් නුඹේ කඳුළින්
හිනස්සන්නට ලෝකයා

ඉපල් නාරං බෝඹු වේවැල්
නොපා මතු ඇස් දෙක දිගේ
නොකා මුත් කොළ අතුට බිම දිග
නිදා කඩමල්ලක් මතේ

බරින් දහසක් කසී පට පිළි
ගෙනැත් ආයේ නැත කියා
පැලේ දොරකනඩ මලක් වාගේ
හඬා වැටුණා පොඩි නඟා

උගත් දේමයි නඟේ පට පිළි බරණ වන්නේ සියොළඟේ
හෙටත් ඔය වැරහැලින් සැරසී
යමං ගුරු ගෙදරට නඟේ
යමං ගුරු ගෙදරට නඟේ
යමං ගුරු ගෙදරට නඟේ

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - සෝමපාල රත්නායක

No comments: