Wednesday, September 14, 2016

අකීකරුද ඔබේ සිතත්

අකීකරුද ඔබේ සිතත් වෙරළේ පෙරළෙන රළ වාගේ
අකීකරුයි මගේ සිතත් හමනා සැඩ සුළඟක් වාගේ

ඒ සුළඟේ පාව යන්න
වලා රොදක් සේ නැඟෙන්න ...//

සුළඟ සැරෙන් හමනා විට
ගිණි දැල් තව තව ඇවිලේවී
ඒ ගින්දර නිවාලන්න
ඒ සුළඟම විවරණ දේවී

අකීකරුද ඔබේ සිතත් වෙරළේ පෙරළෙන රළ වාගේ
අකීකරුයි මගේ සිතත් හමනා සැඩ සුළඟක් වාගේ

ඒ සුළඟේ පාව යන්න
වලා රොදක් සේ නැඟෙන්න ...//

වෙරළේ රළ සැඩ වූවොත්
ඔරු කඳ කණපිට පෙරළේවී
නිසල වුණොත් ඒ රළ පෙළ
සුවසේ අප මෙගොඩ කරාවී

අකීකරුද ඔබේ සිතත් වෙරළේ පෙරළෙන රළ වාගේ
අකීකරුයි මගේ සිතත් හමනා සැඩ සුළඟක් වාගේ

ඒ සුළඟේ පාව යන්න
වලා රොදක් සේ නැඟෙන්න ...//

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - බන්දුල නානායක්කාරවසම්
තනුව - එච්.එම්. ජයවර්ධන

No comments: