Tuesday, September 13, 2016

අන්න බලන් බෙර හඬින් උදම්වී

අන්න බලන් බෙර හඬින් උදම්වී
දෑත දෙපා සෙලැවෙන අන්දම්
අන්න බලන් උඩු ගුවන් තලේ හිඳ
මාලක්කම කැරකෙන අන්දම් ...//

අනන්ථ වූ බර හිසින් දරාගෙන
වෙස් තට්ටුව පැළඳුව සිරසේ
කුසෙන් නැඟෙන ගිණිදැලෙන් වෙලී ගොස්
රනේ රුවට නලලත දිළිසේ

අන්න බලන් බෙර හඬින් උදම්වී
දෑත දෙපා සෙලැවෙන අන්දම්
අන්න බලන් උඩු ගුවන් තලේ හිඳ
මාලක්කම කැරකෙන අන්දම්

අවුල් හැරෙන් ඉණ හැඩෙන් වැසුණු කය
රැඳෙන්නෙ නෑ කෙනෙකුගෙ දෑසේ
දවුල් හඬෙන් තාලමෙන් වැසී ගිය
කණට වෙනින් කිසිවක් නෑසේ

අන්න බලන් බෙර හඬින් උදම්වී
දෑත දෙපා සෙලැවෙන අන්දම්
අන්න බලන් උඩු ගුවන් තලේ හිඳ
මාලක්කම කැරකෙන අන්දම්

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - බණ්ඩාර ඇහැළියගොඩ
තනුව - රෝහණ වීරසිංහ

No comments: