Wednesday, September 28, 2016

මිනිසුන් නොකනා දල්ල

මිනිසුන් නොකනා දල්ල කුමක්දෝ
ගවයින් බුදිනා තණ පත් නේදෝ
ගව කිරි යදිනා කවුරුන් වේදෝ
ගව පැටවුන් නොව මිනිසුන් නේදෝ

කිරෙන් පිසූ දන් තුරු මුල වළඳා
බෝසත් හිමි බුදු වූවා නේදෝ
ගව ඔරුවේ තම තිඹිරි පැල සදා
කිතුනු සමිඳු ලොව දිනුවා නේදෝ

මෙහෙසුරු දෙවියනි මේ විංසතියේ
ගවයින් දෙව් පුද ලද යුතු නේදෝ
උන් වෙත දඹ රන් කිරුළක් නොපුදා
අං යුවලක් හිස පැළඳුවෙ ඇයිදෝ

උන් වෙත දඹ රන් කිරුළක් නොපුදා
අං යුවලක් හිස පැළඳුවෙ ඇයිදෝ

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - වසන්ත කුමාර කොබවක
තනුව - රෝහණ වීරසිංහ

No comments: