Wednesday, September 28, 2016

මුවන් මෙන් කැලේ

මුවන් මෙන් කැලේ
බියෙන් හැංගිලා
පලා යන්නෙ නෑ
සැබෑ ආදරේ
මෙතෙක් කල් හැඬු නෙත් විදා
සදා පෙම්වතුන් වී හිඳී

සිතින් ළං වුණා සෑමදා පෙම්වතුන්
නැවුම් ප්‍රාර්ථනා විජිතයේ
ලොවෙන් වේදනා එක වගේ උරුම වී
ඔවුන් සෑමදා ශෝකයෙන්

මුවන් මෙන් කැලේ
බියෙන් හැංගිලා
පලා යන්නෙ නෑ
සැබෑ ආදරේ
මෙතෙක් කල් හැඬු නෙත් විදා
සදා පෙම්වතුන් වී හිඳී

උනුන් කෝපයෙන් උරණ වී අවි දරන්
සිතේ ස්නේහයන් බිඳ දමා
ඉතින් කිසිම දා වෙන් නොවී ජීවිතෙන්
උතුම් ප්‍රේමයේ නාමයෙන්

මුවන් මෙන් කැලේ
බියෙන් හැංගිලා
පලා යන්නෙ නෑ
සැබෑ ආදරේ
මෙතෙක් කල් හැඬු නෙත් විදා
සදා පෙම්වතුන් වී හිඳී


ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - ප්‍රියානන්ද විජේසුන්දර
තනුව - සරත් ද අල්විස්

No comments: