Tuesday, September 13, 2016

කරදිය ගැඹරේ

කරදිය ගැඹරේ තුන්යම ගෙවුණේ
නුඹුගේ දෑතට දිරිය වඩන්නයි
සුහුඹුල් අත් පා යදඬු කරන්නයි
කිරිකැටි පුතුනේ
කිරිකැටි පුතුනේ

අව්වට වැගිරෙන දාදිය වැස්සේ
කළු ගල් තලලා මහ මං තැනුවේ
නිවහල් ලොවකට නුඹට වඩින්නයි
කිරිකැටි පුතුනේ
කිරිකැටි පුතුනේ

දුම්රොටු අතරේ කමුහල් ඇතුලේ
දැති රෝදෙට ගත ජීවය දුන්නේ
නව මිනිසෙකු නව ලොවට පුදන්නයි
කිරිකැටි පුතුනේ
කිරිකැටි පුතුනේ

කරදිය ගැඹරේ තුන්යම ගෙවුණේ
නුඹුගේ දෑතට දිරිය වඩන්නයි
සුහුඹුල් අත් පා යදඬු කරන්නයි
කිරිකැටි පුතුනේ
කිරිකැටි පුතුනේ

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - ප්‍රේමකුමාර ජයවර්ධන
තනුව - රෝහණ වීරසිංහ

එඩ්වඩ් ජයකොඩි සරල ගී ශිල්පියෙකු ලෙස ගුවන් විදුලියේ වරම් ලබන්නටත් පෙර, මේ ගීය ගයන්නට අවස්ථාව ලැබුණේ ජී.එස්.බී. රාණි පෙරේරා මහත්මිය නිෂ්පාදනය කළ " ප්‍රබුද්ධ ගී" වැඩසටහනටයි. එඩ්වඩ්ගේ පළමු ගුවන් විදුලි ගීයයි.

No comments: