Monday, September 26, 2016

ගංවතුර ගලා

ගංවතුර ගලා උතුරා යයි දෙගොඩ තලා
පදිමු පදිමු ඔරුව පදිමු එතෙර බලා

හෝ හෝ හෝ ගගා රැල්ල බිඳේ
සුදට සුදේ රැළි නංවා ගලා බසී සඳපානේ
ගංවතුර ගලා උතුරා යයි දෙගොඩ තලා
පදිමු පදිමු ඔරුව පදිමු එතෙර බලා

ඉහළ පහළ පැද පැද යන තාලෙට නැටවේ නම් //
මිහිරි ගීත අඩුවක් නෑ ඔරුව ඇදී යා නම්

ගංවතුර ගලා උතුරා යයි දෙගොඩ තලා
පදිමු පදිමු ඔරුව පදිමු එතෙර බලා

ඔරු පැද පැද යන යන තැන මිහිරක් හමුවේ නම් //
කැමති නැද්ද යන්න ඔබත් එන්නකො එනවා නම්

ගංවතුර ගලා උතුරා යයි දෙගොඩ තලා
පදිමු පදිමු ඔරුව පදිමු එතෙර බලා

හෝ හෝ හෝ ගගා රැල්ල බිඳේ
සුදට සුදේ රැළි නංවා ගලා බසී සඳපානේ
ගංවතුර ගලා උතුරා යයි දෙගොඩ තලා
පදිමු පදිමු ඔරුව පදිමු එතෙර බලා

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - රෝහණ බැද්දගේ
තනුව - රෝහණ බැද්දගේ

No comments: