Monday, September 26, 2016

බුදු බණක් කියන්නට

බුදු බණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලා
බුදු සුවඳ බුදු එළිය පැල තුරා ඉහිරිලා
බුදු පුතේ නුඹ දිනෙක බුදු වෙයන් කියාලා
නියත විවරණ දෙන්න යමු මැණිකෙ නැගිටලා

හැබැයි ඉස්සර වගේ මගෙ පුතේ කියාලා
තුරුල් කර ගන්න නම් එපා ඉක්මන් වෙලා
බත් කටක් කවන්නට හිත ගියත් ළංවෙලා
එපා සිල් ඇවැත්නේ මව් සෙනෙහෙ සිහිවෙලා

බණ කතා කියන කොට හුරතලෙන් මුව විදා
කඳුළු පිස දුක නිවෙන බණ අසමු නෙතු පියා
හැඟුම් නැති සිතින් පුතු දකින්නට විරි පතා
අපිත් විවරණ ලබමු වැටී වැඳ පුතු දෙපා

බුදු බණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලා
බුදු සුවඳ බුදු එළිය පැල තුරා ඉහිරිලා
බුදු පුතේ නුඹ දිනෙක බුදු වෙයන් කියාලා
නියත විවරණ දෙන්න යමු මැණිකෙ නැගිටලා

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - ආනන්ද හේවාරංහිඳගේ
තනුව - රෝහණ වීරසිංහ

No comments: