Sunday, September 25, 2016

මල් මාලතී ලතා

මල් මාලතී ලතා
අඳුරේ මිලාන වී
මේ පාළු රාත්‍රියේ
නොපිපී බලා හිඳී ...//
මල් මාලතී ලතා

හැඬූ සිතේ විඩා නිවා ඇදේ මාරුතේ
හැපී බිඳෙන ප්‍රේමයේ
සෝ සුසුම් ලෙසේ ...//
කිසිදාක නොමැත ආදරේට ලැබී ආදරේ

මල් මාලතී ලතා
අඳුරේ මිලාන වී
මේ පාළු රාත්‍රියේ
නොපිපී බලා හිඳී
මල් මාලතී ලතා

ගැලූ සිනා ගඟේ ගිලී ගියෙද ආදරේ
හඬා වැට් ප්‍රාර්ථනා
පෙම් උයන් තෙරේ ...//
කවදාක සුවඳ යළි දැනේද නැවුම් ස්නේහයේ

මල් මාලතී ලතා
අඳුරේ මිලාන වී
මේ පාළු රාත්‍රියේ
නොපිපී බලා හිඳී
මල් මාලතී ලතා


ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව - සරත් ද අල්විස්

No comments: