Sunday, September 25, 2016

විලංගු මාලය

විලංගු මාලය කරවට ලෑවට
ඇතෙකුගෙ හිත කොහොමද හඳුනන්නේ
එක වහලක් යට හෙවණට හිටි අප
මොන එහෙකටදෝ මළගම් යන්නේ

උන්ගේ නිල තල නම්බු රකින්නලු
උඹ පොඩි කාලෙම ගෙනත් තියෙන්නේ
අපි දෙන්නම වහලුන් බව නොදැනලු
දෙපිල බෙදීගෙන පොර අල්ලන්නේ

විලංගු මාලය කරවට ලෑවට
ඇතෙකුගෙ හිත කොහොමද හඳුනන්නේ
එක වහලක් යට හෙවණට හිටි අප
මොන එහෙකටදෝ මළගම් යන්නේ

තනි නොතනියකට උඹ ළඟ හිටි මට
ආඩම්බර ඇයිදෝ පෙන්වන්නේ
අප මිය ගිය මුත් පන්සල් වල නම්
පෝය හඳට යන පෙරහර යන්නේ

විලංගු මාලය කරවට ලෑවට
ඇතෙකුගෙ හිත කොහොමද හඳුනන්නේ
එක වහලක් යට හෙවණට හිටි අප
මොන එහෙකටදෝ මළගම් යන්නේ

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - අමරසේන කංකානම්ගේ
තනුව - රෝහණ වීරසිංහ


Song - Vilangu Malaya
Singer - Edward Jayakody
Lyricist - Amarasena Kankanamge
Composer - Rohana Weerasinha

No comments: