Sunday, September 25, 2016

අවුරුද්දක් ලබන තැනේ

අවුරුද්දක් ගෙවුණු තැනේ
පරණ වෙච්ච බොළඳ ලියා
පෑල දොරින් පිටමං වී
අතීතයට යන්න ගියා

අවුරුද්දක් ලබන තැනේ
නැවුම් අඳුන් තිලක තියා
ඉදිරි දොරින් ගෙට ගොඩවෙයි
නව අවුරුදු ටිකිරි ලියා

උතුම් සිරින් මල් පිපුණේ
හිතින් හිතක් ඇද බැඳුණේ
සිරි දෙව්දුව කැඳවා ගෙන
වාසනා කුමරිය එන දා අවුරුදු මංගල්ලේ

අවුරුද්දක් ගෙවුණු තැනේ
පරණ වෙච්ච බොළඳ ලියා
පෑල දොරින් පිටමං වී
අතීතයට යන්න ගියා

අවුරුද්දක් ලබන තැනේ
නැවුම් අඳුන් තිලක තියා
ඉදිරි දොරින් ගෙට ගොඩවෙයි
නව අවුරුදු ටිකිරි ලියා

නැවුම් සුවඳ මුසු පවනේ
පවුම් වටින හෙළ දෙරණේ
පෙරමග යන ලකුණු පෙනේ
වාසනා කුමරිය එන දා අවුරුදු මංගල්ලේ

අවුරුද්දක් ගෙවුණු තැනේ
පරණ වෙච්ච බොළඳ ලියා
පෑල දොරින් පිටමං වී
අතීතයට යන්න ගියා

අවුරුද්දක් ලබන තැනේ
නැවුම් අඳුන් තිලක තියා
ඉදිරි දොරින් ගෙට ගොඩවෙයි
නව අවුරුදු ටිකිරි ලියා

නව අවුරුදු ටිකිරි ලියා ///

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - රෝහණ බැද්දගේ
තනුව - රෝහණ වීරසිංහ

No comments: