Sunday, September 25, 2016

තෙදිනි විරාජ

තෙදිනි විරාජ
රුවිනි විරාජ
රුහුණු සුරාජ
කඳ දෙව් රාජ ...//

එ රන් මයුර වාහනයෙන්
රුපු සෙන් බිඳ වැඩමවන්න
වැඩ හිටි කඳු මත වැඩ සිට
නර කැළ වෙත සෙත සදන්න
කතරගමේ බල මහිමේ
දියත පතල කර හරින්න

තෙදිනි විරාජ
රුවිනි විරාජ
රුහුණු සුරාජ
කඳ දෙව් රාජ ...//

අණ වින වස් දොස් තුන්බිය
දුරලා සත රැක දෙවන්න
මැණික් ගඟේ නිමල දියෙන්
කිළි කුණු සෝදා හරින්න
කතරගමේ බල මහිමේ
දියත පතල කර හරින්න

තෙදිනි විරාජ
රුවිනි විරාජ
රුහුණු සුරාජ
කඳ දෙව් රාජ ...//

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - ග්‍රේෂන් ආනන්ද

No comments: