Sunday, September 25, 2016

පන්සලේ බෝ මළුවේ

පන්සලේ බෝ මළුවේ සැළෙනා
පල්ලියේ අල්තාරේ දිළෙනා
කෝවිලේ දෙව් රුව ළඟ දැවෙනා
පහන් සිළුවක ...

පහන් සිළුවක
වෙනස කියන් සබඳේ ...//

බුදු හිමි අභියස පුදසුන මත පිදෙණා
ගණපති රුව ගෙල මල් දමකට ගෙතෙණා
සමන් කැකුළක ...

සමන් කැකුළක
සුවඳ එකයි සබඳේ ...//

එකම සුවඳින් මිහිතලයේ පිපෙණා
එකම කඳුළින් මිහිතලය තෙමණා
එකම මිනිසෙකි ....

එකම මිනිසෙකි
එකම හද ගැහෙනා ...////.

ගායනය - එඩ්වඩ් ජයකොඩි සහ නන්දා මාලිනී
පද - සෝමරත්න දිසානායක
තනුව - රෝහණ වීරසිංහ
"සරෝජා" චිත්‍රපටියේ තේමා ගීයයි.

No comments: