මේ
මල් යායේ මා හා එක්වීලා
ඈ
පෑ සිනා ළං වෙලා
රෑ
තරු වාගේ නිවුණා මැළවීලා
මා
දෑසේ දී වේදනා ...//
මා
දෑතේ වෙලිලා එදා
රෑ
සීතේ සඳපානේ පිය නැඟුවා
ඒ
ඡායා සිහිනේ යාවී
ඈ
මාගේ නෙතු දෑලෙ දුක සැදුවා
මේ
මල් යායේ මා හා එක්වීලා
ඈ
පෑ සිනා ළං වෙලා
රෑ
තරු වාගේ නිවුණා මැළවීලා
මා
දෑසේ දී වේදනා
සෝ
ගීතේ සවනේ යාවී
මා
ලෝකේ තනිවූ සේ මට හැඟුණා
ඈ
මා හා පෙරදා මැවූ
ඒ
මායා මීදුම් සේ දුර ඇදුණා
මේ
මල් යායේ මා හා එක්වීලා
ඈ
පෑ සිනා ළං වෙලා
රෑ
තරු වාගේ නිවුණා මැළවීලා
මා
දෑසේ දී වේදනා ..//
ගායනය
- එඩ්වඩ් ජයකොඩි
පද
- හේමසිරි හල්පිට
තනුව
- සුනිල් ධර්මසේන
No comments:
Post a Comment