Thursday, December 1, 2016

දස මාර බිම්බර


දස මාර බිම්බර  සෙන් දපා
හිමි මෙත් නුවන් ලද මේ උදේ
දහසක් බුදුන් බුදුවූ පැයේ
මේ ඉන්ද්‍රමංගල සාදයේ //

දෙදහස් වසක් අභිමාන ගී ඇසූ
ජාත මව්බිම පෑ සිනා ..//
සුවහස් කපක් නොසිදී රැකෙන්නට
සූර්ය දෙව් ආරාධනා

දස මාර බිම්බර  සෙන් දපා
හිමි මෙත් නුවන් ලද මේ උදේ
දහසක් බුදුන් බුදුවූ පැයේ
මේ ඉන්ද්‍රමංගල සාදයේ //

හිරු තුන් යළක් සිරිපා පුදා වැඩු
පින් පුරා දෝතින් ගෙනා ..//
පිබිදී සැනින් අරුණින් දොවා නෙතු
සව් සතුන් අනුමෝදනා
ආ සව් සතුන් අනුමෝදනා

දස මාර බිම්බර  සෙන් දපා
හිමි මෙත් නුවන් ලද මේ උදේ
දහසක් බුදුන් බුදුවූ පැයේ
මේ ඉන්ද්‍රමංගල සාදයේ //

ගායනය = සුනිල් එදිරිසිංහ සහ රෝහණ වීරසිංහ
පද රචනය - කුමාරදාස සපුතන්ත්‍රී

තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

No comments: