Wednesday, December 28, 2016

අහස උසට නැග ගියාට

අහස උසට නැග ගියාට
නැහැනෙ අහසෙ රැඳෙන්නේ
අහසෙ මාලිගා හැදුවට
අපි පොළොවෙයි සිටින්නේ ...//

ලඹ කැටයේ අත්වාරුව බිත්ති දිගේ නගින්නේ
බිත්තිය ඉහළට යනකොට අපි පොඩියට පෙනෙන්නේ ...//

අහස උසට නැග ගියාට
නැහැනෙ අහසෙ රැඳෙන්නේ
අහසෙ මාලිගා හැදුවට
අපි පොළොවෙයි සිටින්නේ ...//

සිමෙන්ති කඳුළින් දියකර සත් මහලයි තනන්නේ
පලංචියේ කිරි කිරියයි අපේ දුකට හඬන්නේ ...//

අහස උසට නැග ගියාට
නැහැනෙ අහසෙ රැඳෙන්නේ
අහසෙ මාලිගා හැදුවට
අපි පොළොවෙයි සිටින්නේ ...//

ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - සමන් ගුණ හේරත්
තනුව - විශාරද ගුණදාස කපුගේ

No comments: