ඇසට අසුවන මායිමේ
බමර සැණකෙළි මල් විලේ
ළසෝ ලැව් ගිනි ඇවුලුණා සිත
ඔබ මගෙන් වෙන්වූ දිනේ ...//
සියපතක් මත විසුළ පිණි කැට
සැඩ සුළං වැද සර සරින් හෙත ....//
මගෙන් රිදවුම් දෙවුණු මොහොතක
ඔබේ වත මට නැඟේ සිහියට
ඇසට අසුවන මායිමේ
බමර සැණකෙළි මල් විලේ
ළසෝ ලැව් ගිනි ඇවුලුණා සිත
ඔබ මගෙන් වෙන්වූ දිනේ
සතර අත පෙති විහිද විකසිත
මලේ මල් මී මමනයුරු දැක ....//
ඔබේ ලවනත සැදුන මීවිත
මත් කළා මතකයි මගේ සිත
ඇසට අසුවන මායිමේ
බමර සැණකෙළි මල් විලේ
ළසෝ ලැව් ගිනි ඇවුලුණා සිත
ඔබ මගෙන් වෙන්වූ දිනේ ...//
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - මහින්ද දිසානායක
තනුව - ගුණදාස කපුගේ
No comments:
Post a Comment