Thursday, December 8, 2016

ඇයි කඳුළු බිංදු මනමාලිගෙ

ඇයි කඳුළු බිංදු මනමාලිගෙ
මල් පොකුරේ රෝස කම්මුලේ
අද විතරක්වත් හිනාවෙන්න
කුසුම් නංගීයේ ..//

තටු කැඩී අතීතය හඬාවී
මගේ පුංචි පාළු කැදැල්ලේ ..//
ඒත් හීනෙන්වත් නුඹට දුකක්
වෙන්න එපා රත්තරන් නගේ

ඇයි කඳුළු බිංදු මනමාලිගෙ
මල් පොකුරේ රෝස කම්මුලේ
අද විතරක්වත් හිනාවෙන්න
කුසුම් නංගීයේ

තනා හිත ගිය තැන මාලිගාව
නිදාගන්න සිරි යහන් ගැබේ ...//
මම කරුණාවයි නැහැ තරහක්
ජාති ජාතිවත් මගේ හිතේ

ඇයි කඳුළු බිංදු මනමාලිගෙ
මල් පොකුරේ රෝස කම්මුලේ
අද විතරක්වත් හිනාවෙන්න
කුසුම් නංගීයේ

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
තනුව - ගුණදාස කපුගේ

No comments: