ආවාදෝ සංසාරේ
මා හා බැදී
සැමදා පාවේ මාගේ සෙවණැල්ල සේ
ආවාදෝ සංසාරේ
ආවාදෝ සංසාරේ
ඔරුවක් පාවුණා පාළුවේ සාගරේ
තොටියෙක් යා වුණා සීරුවේ සීතලේ ...//
මිහිරේ ගී ගැයුනාවේ
තනිය නසා
තනිය නසා
ආවාදෝ සංසාරේ
කතරේ වාලුකා පෑයුමෙන් වේලූනා
වැහැලා ඒ බිමේ මී මලක් පීදුණා ....//
සිහිල ලබා සිහිලැල්ලේ
නිවී ගියා
නිවී ගියා
ආවාදෝ සංසාරේ
මාහා බැදී
සැමදා පාවේ මාගේ සෙවණැල්ල සේ
ආවාදෝ සංසාරේ
ආවාදෝ සංසාරේ
ආවාදෝ සංසාරේ //
ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - මහින්ද දිසානායක
තනුව - විශාරද ගුණදාස කපුගේ
No comments:
Post a Comment